අසනීප තත්ත්වයෙන් පසුවන තම මව බැලීම සඳහා යාමට නිවාඩු නොදීම හේතුවෙන් ආරච්චිකට්ටුව පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සේවයෙන් ඉවත් ව ගොස් ඇත.
මෙසේ සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ, පොලොන්නරුව, පුලස්ථිගම පදිංචි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
තමන් සේවයට පැමිණ දින 60ක කාලයක් කිසිදු නිවාඩුවක් ලබා නොගෙන රාජකාරි කටයුතු සිදු කළ බවත් ඒ අතරතුර තම මව රෝගී වී ඇති බව දැන ගන්නට ලැබී නිවාඩු ඉල්ලුම් කළ ද නිවාඩු නොලැබුණු බවත් පොලිස්
කොස්තාපල්වරයා පොලිස් තොරතුරු පොතේ සටහන් තබා ඇත.
මෙම තත්ත්වය මත තමන්ට තවදුරටත් රාජකාරි කිරීමට තරම් මානසික තත්ත්වයක් නොමැති බව ද එම සටහනේ වැඩි දුරටත් සදහන් වේ.
ඉකුත් 25 වනදා මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා සේවය හැර ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරියකු සනාථ කර තිබේ.