හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව “ශ්‍රී ලංකා ක්‍රිකට්” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රිකට් වගේම රට කරවන පාර්ලිමේන්තුවත් දූෂිත බව වෙල්ගම මහතා කීය.
225ම හොරු බවත් ඔවුන් යා යුතු බවත් ජනතාව කියා ඇතැයි කී වෙල්ගම මහතා තවත් හොරු ගැන හොයන්නැයි පාර්ලිමේන්තුවේ හොරුන්ට කියන බව පැවසීය.
කුමාර වෙල්ගම මහතා මෙසේද කීය.
” ලබන අවුරුද්දේ ඡන්ද තියෙනවා. මේවට සල්ලි දෙන්නෙ කවුද? මේක ව්‍යාපාරයක් .ඒකෙන් සල්ලි හොයලා බලයට එන්න බලන්නේ.මේක එකට ඇමිනිච්ච චේන් එකක්. ඒක ගලවන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ.මේක කොන්ක්‍රීට් දාල යට කරලා තියෙන්නේ .ඒ නිසා බොරුවට රැවටෙන්නේ එපා යනුවෙන්ද කුමාර වෙල්ගම මහතා කීය.