රත්මලාන දුම්රියපොළ අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ එම අපරාධයට ආධාර අනුබලදීම සහ කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.
28 හැවිරිදි රත්මලාන ප්රදේශයේ පදිංචිව සිටි අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 10ක ප්රමාණයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 21 වනදා රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට වෙළෙඳසැලක් තුළ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
මේ අතර ඊයේ (24) රාත්රියේ හෙට්ටිපොළ කුරුඳුකුඹුර හන්දිය ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩිවැදීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.
ඔහු 49 හැවිරිදි මූණමල්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.