නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමයින්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුළත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
(19) සිට මෙම නියම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙමඟින් ත්‍රිකුණාමලය වරායේ අසිරිය නැරඹීමට සහ නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම් සහනදායි මිලකට සලසා ගැනීමට අවස්ථාව උදාවනු ඇති.