මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කොළඹ කොටුව – මහනුවර, මහනුවර – කොළඹ කොටුව, මහනුවර – මාතලේ, මහනුවර – නාවලපිටිය සහ මහනුවර – බදුල්ල ලෙස මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.
ඒ අනුව, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.50 ට දුම්රියක් පිටත් වන අතර, ඊට අමතරව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26, 27 සහ 30 යන දිනවල පෙරවරු 6.30 ට දුම්රියක් ද, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 25 සහ 29 දෙදින පස්වරු 5.35 ට දුම්රියක් ද, පිටත් වෙනවා.