ඉදිරි වම් පාදයට වෙඩිවැදී බරපතල තුවාල ලබා සිටින අග්බෝ හස්තියාගේ තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊ (18) සිදු කළා.
ඒ සඳහා වනජීවි පශු වෛද්‍ය අධ්යක්ෂ තාරක ප්‍රසාද් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය වරුන් පිරිසක් ද එක්ව සිටියා’
වෛද්‍යරුන් පෙන්වා දෙන්නේ හස්තියා සුව කර ගැනීමට අඛණ්ඩව ප්‍රතිකාර කළ යුතු බවයි.
මේ අතර අග්බෝ හස්තියාට ප්‍රතිකාර කිරීම සඳහා ඔස්ට්‍රියාවේ සිට පශු වෛද්‍යවරයෙක් පැමිණීමට නියමිත බවත් වාර්තා වෙනවා.
දඩයම් කරුවන් විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවිමේන් ඉදිරිපස වම් පාදයට බරපතල තුවාල ලබා රෝගි වු අග්බෝ හස්තියාට ප්‍රතිකාර ආරම්භ කළේ පසුගිය ජුනි මස 12 වැනිදායි.
මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ අග්බෝ හස්තියාගේ පාදය නැවත නිසිලෙස ස්කෑන් කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ස්කෑන් යන්ත්‍ර ශ්‍රී ලංකාවේ නැති බවත්ය. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඇතාව සුව කර ගැනීමට පශු වෛද්‍යවරයෙක් ඔස්ට්‍රියාවේ වියානා නුවර සිට පැමිණීමට නියමිත බවත් ඒ තුලින් පමණක් හස්තියාව පුර්ණ සුවකිරිමකට ලක් කළ හැකිවන බවයි.