සිමෙන්ති කොට්ටයකින් රුපියල් 700 ක පමණ ලාභයක් සිමෙන්ති සමාගම් උපයන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.
වරායට ගොඩබාන අවස්ථාවේ සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩු කළ විට මෙවැනි ලාභයක් උපයන බවයි මෙහිදී හෙළි වුණේ.
එසේම යකඩ ආනයනයේදී ඒ අනුව අයථා ලාභයක් අදාළ සමාගම් උපයන බවට පෙනී යන බැවින් සිමෙන්ති සහ යකඩ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි මුදල් හා නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යංශවල නිලධාරින්ට කාරක සභාවේ තාවකාලික සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නියෝග කළේ.
එසේම ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි තිරිඟු පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198 ක් බව නිවේදනය කරන ලෙසද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබාදුන්නා.
පසුගිය ජුනි 16 වනදා ගැසට් නිවේදනයෙන් නිකුත් කළේ මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගම්වලට තොග වැඩිපුර රඳවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීමේ අරමුණින් බවට මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළද ප්‍රධාන සමාගම් දෙකට තිරිඟු, ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බවයි මෙහිදී කාරක සභාව සඳහන් කළේ.
එබැවින් මෙම ගැසට් නිවේදනයෙන් අතිරේක ලාභයක් ඉපැයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයබැලිය යුතු බව පෙන්වා දුන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කෙතරම් දුරට ඉටුවී ඇත්ද යන්න තහවුරු කිරීම සඳහා පැවති තිරිඟු පිටි තොග සහ වත්මන් තොග පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශයට දැනුම් දුන්නා.