වාර්ෂිකව සංචාරකයින් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (17) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
සංචාරකයින්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඓතිහාසික පෙනුමක් සහිත දැනට භාවිතයට නොගන්නා ගොඩනැඟිලි සහ බංගලා පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා එහිදි උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ස්ථාපිත කිරීමට හා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා කවුන්සිලයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.