අද (18) දිවයිනේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (40-45) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකියි.