ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාවේ සිටි හමුදාව ඉවත් කිරිමට උපදෙස් දුන් පිරිස ගැන විධිමත් විමර්ෂණයක් සිදුකර, සිදුව ඇති වංචාව ඔප්පු කළ යුතු බව සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක පවසනවා.
ඔහු පවසන්නේ කර්මාන්ත ශාලාවේ තිබූ රුපියල් බිලියන 2කට වැඩි වටිනාකමකින් යුතු යකඩ තොගයක් සොරකම් කර ඇත්තේ වත්මන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අනුබල දීම මත බවයි.
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාවේ තිබූ රුපියල් බිලියන 2කට වැඩි වටිනාකමකින් යුතු යකඩ තොගයක් කපා ඉවත් කරගැනීමේ ජාවාරමක් සිදුව තිබෙනවා.
සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා සදහන් කරන්නේ වත්මන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අනුබල දීම මත මෙය සිදුකර ඇති බවයි.
ඒ බව සදහන් කරමින් සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක සහ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සෙනරත් පෙරේරා යන පිරිස පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.
අනතුරුව කන්කසන්තුරය සිමෙන්ති කර්මාන්ත ශාලාවේ යකඩ තොගයක් සොරකම් කර ඇත්නම් තමන් අත්අඩංගුවට ගන්නැයි පවසමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.