අධ්‍යාපන ක්රමයේ වෙනසක් සිදු නොවුණහොත් රටට අනාගතයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊ (16) එක්වෙමින්.
මේ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සදහා පාසල් පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය දැන් සිටම සූදානම් විය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා.
එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියා.