අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්ව කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙසේ ඒකාබද්ධ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
මෙම ඒකාබද්ධ කිරීම, පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරගෙන ඇති බව සඳහන්ය.