පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභාවේ ඝණ පූර්ණය පිළිබඳ විමසීම නිසා සභාවේ කටයුතු ඊයේ (08) පස්වරුවේ අවස්ථා පහකදී නතර වුණි.
තම පක්ෂයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගීවීමට පොරොන්දුවූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමා සෑම අවස්ථාවකදීම සභාවේ ඝණ පූර්ණ ප්රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා අද පෙරවරුවේදී පාර්ලිමේන්තුව හමුවේ ප්රකාශ කර තිබුණි.