මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී ඇති බව .
වික්ටෝරියා ජලාශය මගින් රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන අතරම කුඹුරු අක්කර දහස් ගණනක වගාවන් සඳහාත් පානීය ජලය සැපයීමත් සිදු කරයි.
ජලාශයේ ජල මට්ටම අඩු වීම නිසා පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ දී සිටින අතර ජලාශය ඉදිකිරීමට ප්‍රථම ඒ ප්‍රදේශයේ පිහිටි පැරැණි තෙල්දෙණිය නගරයේ නටබුන් මතුවී ඇති බවද සඳහන් වේ.