ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහා නව ගුවන් සේවිකාවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ පළමු අදියර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (03) උදෑසන ආරම්භ විය.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා අද විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.
මෙහි දෙවන අදියර සෙනසුරාදා පැවැත්වෙයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන් පැවසුවේ, මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා ඔවුන්ට අයදුම්පත්‍ර 8,000ක් පමණ ලැබී ඇති බවය.
නමුත් ඉන් බඳවාගනු ලබන්නේ, 200ත් 300ත් අතර පිරිසක් බව වාර්තා වෙයි.