කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනෙකු තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහල වෙත අද (01) අලුයම ඇතුලත් කළ බව වටවල පොලිසිය පවසනවා.
අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ කොළඹ – හැටන් ප්රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී යි.
ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් රීහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල මගීන් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව අනතුරෙන් තුවාල ලබා වටවල රෝහලේ ප්රතිකාර ලබන තුවාලකරුවෙකු පැවසූ බවයි වාර්තාකරු සඳහන් කරන්නේ.