ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගය ජය ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුනා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 158ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 130ක් පමණයි.