දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුකම් නොලැබූ පවුල් තුන්ලක්ෂ 94 දහස් අනූ හතරකට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස් අතරින් පවුල් 12 ලක්ෂ අසූදහසක් අස්වැසුම සුබසාධන ප්රතිලාභ සඳහා අයදුම් කර ඇති බවයි.
ඉන් පවුල් අට ලක්ෂ 87,653 ක් අස්වැසුම ප්රතිලාභ ලබාදීමට සුදුසුකම් ලබා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව අභියාචනා සහ විරෝධතා සළකා බැලීම අවසන්වන තුරු මෙම සමෘද්ධි දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම අස්වැසුම ප්රතිලාභ ගෙවීම සඳහා මේ වන විට ගිනුම් ලක්ෂ 10 ක පමණ තොරතුරු සුබසාධන ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබෙනවා.
තවදුරටත් ගිනුම් ආරම්භ කිරීම සඳහා සිටින ප්‍රතිලාභීන් වෙනුවෙන් රජයේ බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලදීද විවෘතව පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ.