රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ආණ්ඩුව ගෙන යන නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙසත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
බංකොලොත් රටක ජනතාව දුක්විදින විටත් රජය කොමිස් ගැසීම් සිදු කරන බව ඖෂධ, අක්ෂි කාච ගෙන්වීමේදී කෝටි ගණනින් කොමිස් ගසමින් තමන්ට කැමති ආයතනවලට මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙමින් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට පාඩු කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවත් අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.