ඊයේ (30) දහවල් වත්තල, ප්‍රීතිපුර මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයකු දිය රළකට හසු වී ගිලෙමින් සිටියදී වත්තල පොලිසියට අනුයුක්ත ප්‍රීතිපුර පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් එම පුද්ගලයා බේරාගෙන තිබෙනවා.
අනතුරට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 21ක් වූ දොමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු මිතුරන් තිදෙනෙකු සමඟින් බීමත්ව සිට දිය නෑමට මෙම මුහුදු තීරයට ගොස් ඇති අතර අනෙක් පුද්ගලයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසනවා.
මොවුන් සිවුදෙනාම එම ප්‍රදේශයේම කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන කම්කරුවන් පිරිසක්.
දියේ ගිලුණු තරුණයා බේරාගෙන ඇත්තේ, වත්තල පොලිසියට අනුයුක්ත ප්‍රීතිපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් සැරයන් 60572 ගයාන්, පොලිස් සැරයන් 43536 සුදත්, පොලිස් කොස්තාපල්වරුන් වන 90297 ජානක, 92776 ලියනාරච්චි සහ 92792 වර්ණසූරිය යන නිලධාරීන් විසින්.