ගාලුමුවදොර අරගලය මෙහෙයවූ තුන්වැනි පාර්ශ්වයේ පිරිස් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර ව්‍යපෘතියට ද උපදෙස් දුන්නේදැයි සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.