විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සමෘද්ධි වැඩසටහනේ ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමටත් විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ජුලි මාසයේ දි සමෘද්ධිය සහ අස්වැසුම ලබා දී නොමැති බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.