කැලෑ ප්රදේශවල සහ මාර්ග දෙපස සැරිසරන වන අලියන්ට ආහාර ලබා නොදෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, එසේ ආහාර ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි.
වන අලියන්ට ආහාර ලබාදීම හේතුවෙන්, එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටීන අතර මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබාගැනීමේ සිදුවිම් පසුගිය කාලය තුළ වාර්තා වී තිබෙනවා