හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20ක් කොටස් කිරිමට ගෙන තිබු තීරණය නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් නියෝග කර තිබෙනවා.
ආණ්ඩුකාරවරයා මෙම නියෝගය නිකුත් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී,
හන්තාන වත්ත පහල එක්සත් සුබ සාධක සංගමය විසින් ඉදිරිපත් කොට තිබූ ලිපියක් සලකා බැලීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.
ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේ, ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු බවයි.
මහනුවර නගරය 1993දී උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වූ බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කන්ද උඩරට පරිසර හානිය බවත් ඔහු පවසනවා.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් ගුණතිලක රාජපක්ෂ, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්රීඋදයන කිරිඳිගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන අය සහභාගි වී ඇති බවයි වාර්තා වෙන්නේ.