ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීමට රජය ගෙන ඇති තීරණය වහා හකුළා ගන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙම තීරණය හේතුවෙන් පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආදායම රටට අහිමි වීමේ අවදානමක් පවතින බවයි.
ආනයනික පොල්තෙල් සඳහා ලීටරයකට රුපියල් 25ක බද්දක් පැනවීමට රජය තීරණය කළා.
ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වුවත් මෙම බදු පැනවීම මගින් පාරිභෝගික ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවයි පාරිභෝගික අයීතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ.
මේ අතර පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ලබන ආදායම මේ වසරේදී තවත් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
මේ අතර ඉදිරි මාස 2ක තුළ බිත්තර ගැටලුවට දේශීයව පිළියම් යෙදීමට කටයුතු කරන ලෙසත්, බිත්තර ආනයනය නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර සෑම වෙළෙඳසැළකම අලෙවි කිරීමට ඇති පාරිභෝගික භාණ්ඩවල මිල ප්‍රදර්ශනය අනිවාර්ය කෙරෙන බවත් ඊට අවනත නොවන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.