බෞද්ධ වෙහෙර විහාර ඇතුළු සියලුම ආගමික ස්ථාන වල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තීරණය කර තිබෙනවා.
මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක පවසනවා.
බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් ඇතිවීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද අමාත්‍යවරයා සඳහන් කළා.