පානදුර ත්රිරෝද රථ ගාලක ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ත්රිරෝද ගාල් කිරිමට ඉඩ ලබාගැනීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහර කෑමෙන් තුවල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව .
කෙසේ වෙතත් අදාළ පුද්ගලයින් දෙදෙනා මිතුරන් බවද මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර මිය ගිය පුද්ගලයා අසනීපෙන් සිට ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන පානදුර කෙසෙල්වත්ත ගාලුපාරේ පදිංචිකරුවෙක්.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පහර දුන් පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.