බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ ඊයේ (24) සිදු කරන ලද වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවකු පුපුරණ ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය අතර වෝටර් ජෙල් කූරු 23, ඇමෝනියා කිලෝ 08 ග්‍රෑම් 218, ඩෙටනේටර් කැප් 45, කළු වෙඩි බෙහෙත් කුඩු ග්‍රෑම් 444, සේවා නූල් අඩි 215ක් තිබුණ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (25) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.