රජයේ ප්රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්රමසිංහට බාර දීමට ආණ්ඩුවේම මන්ත්රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා.
මෙම ලිපිය බාර දීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ,සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම්වරයා මෙන්ම,ආණ්ඩුව නියෝජනය කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එස් ඒ ඩී ජගත් කුමාරයි.
මෙම ලිපියට අත්සන් ගැනීමේ කටයුතු පාර්ලිමේන්තුවේ දී ගිය සතියේ ආරම්භ වූ අතර,පසුගිය (21)වන විට මන්ත්රීවරුන් පනස් දෙදෙනකු ඊට අස්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර සඳහන් කළා.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම, විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් ද මේ සඳහා අත්සන් කර ඇතැයි ඔහු කීවේය අත්සන් හැත්තෑවක් පමණ ලබා ගැනීමෙන් අනතුරුව ලිපිය ජනාධිපතිවරයා වෙත බාර ර දෙන බවද හෙතෙම සඳහන් කළා.
රජයේ ප්රමුඛ වැඩපිළිවෙළක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළට අඩු ආදායම්ලාභී සැබෑ දුප්පතුන් විශාල පිරිසක් ඇතුළත් නොවීමෙන් බරපතළ අසාධාරණයක් සිදුව ඇතැයි ඔහු සඳහන් කළා.