හේවාහැට රහතුන්ගොඩ රිවඩේල් ප්රදේශයේ මවක් සහ කුඩා දරුවකු පසුගිය දාහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ ස්වාමියා හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු විසි දෙකක් වන වෙල්ලේඅම්මා සුරේන්ඩ්රනි රාණි හා වයස අවුරුදු එකයි මාස හතක් වන තරුෂිකා අබි නැමති ඇයගේ දියණියයි.
ඇය තම දරුවාද සමග ඇයගේ රෝගි තත්වයකට ප්රතිකාර ලබා ගැනීම සදහා රිකිල්ලගස්කඩ රෝහලට පසුගිය දාහත්වන දින ගිය බවත් එසේ ගොස් මේ වන තෙක් නිවසට නොපැමිණි බවත් ඇයගේ සැමියා වන මෝහන්සුන්දරම් සම්පත් කුමාර් ප්රකාශ කර සිටී. ඇය දාහත්වන දින බස් රථයෙන් රිකිල්ලගස්කඩ නගරයට ගිය බවත් නගරයේ සිටිනු දැක්ක බවත් කිහිප දෙනකු තමාට පැවසූ බවද සැමියා ප්රකාශ කර සිටී.