ලංකාවේ තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව සමිබන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ජපානයේ IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ, IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ඊයේ(21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී.
IRO ආයතනය යනු ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක්.
මෙරට තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බවයි ඔවුන් පවසා සිටියේ.
2021 වසරේ දී මෙරට තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා එම ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.