දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරය නිමවා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට යනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි.
එහි ගතකළ කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු ද හමුවුණා.
ශ්‍රී ලංකාවට මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා අඛන්ඩව සහය ලබාදෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ද ද හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.