ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්අදීය ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවි ඇති බව ජනාධපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
මෙහිදී නායකයින් දෙදෙනා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුවන බවද වැඩිදුරටත් සඳහන්
ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සදහා වු කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළිත් තහවරු කළේය.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත මණ්ඩල මට්ටමේ සාකච්ඡා වලින් අනතුරුව ඉන්දීය මාධ්‍ය වලට ප්‍රකාශයක් කරමින්ය. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ප්‍රතිසංධානය හා බලය බෙදාහැරීම සදහා සියළු පක්ෂ නායකයින්ට ඒ සඳහා ඇරයුම් කරන බවයි.
ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ස්ථාවර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින වබත් එය දැනටමත් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්ය. එසේම මෙම ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබදව භාහිර ප්‍රජාවේ විශ්වාසය නැවත ගොඩ නැගී ඇති බවද ජනපතිවරයා සඳහන් කරනවා.
මෙම කටයුත්ත සදහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මුල්වීම පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය හිමිවන බව ප්‍රකශ කළ අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ඇතිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඉන්දීය අගමැතිවරයා සදහන් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.