විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමිපතමයෙකු හෙරොයින්, කොකේන් ජිව උන්ඩ, ඩෙටනේටරය රහිත අත්බෝම්බ සහ යුධ හමුදා නිල ඇදුම් කොටස් සමග විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීරගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදරගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) වන දින මහබාගේ පොලිස් වසමේ අංක 05ඒ/17, තාප්පහේන වත්ත, ඇලපිටිවල, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර.
එහි දී වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජිව යන අයගේ සමිපතමයෙකු හා හිටපු යුධ හමුදා කපිතාන් වරයෙකු වන 2023.06.20 වන දින හෝමාගම චමිල කොටා නැමති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරිමට සහයදිම හා ආධාර අනුබල දිම සම්බන්ධෙයෙන් රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු පහත සඳහන් භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
1) හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 620 යි.
2) කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 550 යි.
3) පිස්තෝල (9mm) උන්ඩ 285 යි.
4) T56 (7.62×39mm) උණ්ඩ 02 යි.
5) M16 (5.56×45mm) උණ්ඩ 28 යි.
6) බෝර 12 උණ්ඩ 06 යි.
7) ඩෙටනේටරය නොමැති අත්බෝම්බ 04 යි.
8) යුධ හමුදා නිල ඇදුම් කමිස 08 යි.
9) යුධ හමුදා නිල ඇදුම් කලිසම් 11 යි.