ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ තවත් දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු 20 දා නිදහස් කොට තිබෙනවා.
කොළඹ මහාධිකරණයේ දී මෙසේ නිදහස් කොට ඇත්තේ කිලිනොච්චිය මරුදනගර් ප්රදේශයේ පදිංචි 69 හැවිරිදි චෙල්ලයියා නවරත්නම් සහ යාපනය සවාගචේරි ප්රදේශයේ පදිංචි 56 හැවිරිදි ෂන්මුගරත්නම් සම්මුඛරාජා යන දෙදෙනාය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනතයටතේ නඩු පවරා තිබූ ඔවුන්ගෙන් චෙල්ලයියා නවරත්නම් නැමති අයට වසර 200 ක සිර දඩුවමක් හා ෂන්මුගරත්නම් සම්මුඛරාජා යන අයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී තිබුණා.
මේ දෙදෙනා නිදහස්වීමෙන් පසුව දෙමළ සංවිධාන කීපයක නියෝජිතයින් ගොස් ඔවුන්ව හමුවී ඔවුන්ගේ අනාගතය පිළිබදව කරුණු සාකච්ඡා කොට ඇති බවයි සඳහන් වන්නේ.