ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 171,000 ක් දක්වා ද, මිල ඊ දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 155,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 168,000 ක පැවැති බවත් කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.