හෝමාගම අධිකරණ භූමියේරාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට මරණ තර්ජනය කල පුද්ගලයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එහි පැමිණි පුද්ගලයෙකුට ජංගම දුරකථනය අධිකරණය තුළට රැගෙන යාමට නොහැකි බව පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ මුදල් පසුම්බියේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් හතළිහක් ද සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු සමඟ තවත් එක් අයෙකු සිට ඇති අතර ඔහු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.