වසර තුනක කාලයක් පුරාවට මව් කිරි ලීටර් 1599.68 ක් පරිත්‍යාග කරමින් ලෝක වාර්තාවක් පිහිට වූ මවක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වෙනවා.
එළිසබෙත් ඇන්ඩර්සන් සියේරා නම් මෙම ඇමෙරිකානු ජාතික දෙදරු මව තම මව් කිරි පරිත්‍යාග කරමින් මෙම වාර්තාව පිහිපුවා තිබෙනවා.
ඇය 2015 පෙබරවාරි 20 සිට 2018 ජූනි 20 දක්වා මව් කිරි ලීටර් 1599.68 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති අතර ගෙවුණු නව වසර පුරාවට නොමේරු ළදරුවන් පෝෂණය කරමින් ජීවිත දහස් ගණනක් බේරාගැනීමට ඇයගේ මෙම සත්ක්‍රියාව දායක වී තිබෙනවා.
ලෝක වාර්තාව සඳහා 2015 සිට 2108 වසර දක්වා වසර තුනක කාලය පමණක් ගණන් බලා ඇතත් තමන් මේ දක්වා පසුගිය වසර නවයක කාලය තුළ මවු කිරි අවුන්ස 350000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
තම සිරුරේ ප්‍රෝලැක්ටින් හෝමෝනය වැඩි වශයෙන් නිපදවෙන බවත් එම නිසාම සෑම විනාඩි කිහිපයකට වරක් තම සිරුරේ මව් කිරි නිපදවෙන බවයි ඇය පවසා සිටින්නේ.