දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 9 ක් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) අවසර ලබාදී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
ඒ අනුව දේවගැතිවරයාගේ පෞද්ගලික ගිණුම් ඔහුට අයත් පෞද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහු යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳට අයත් රජයේ සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මෙලෙස පරීක්ෂා කිරීමටයි අධිකරණය අවසර ලබාදී ඇත්තේ.