උතුරු කොරියානු දේශසීමා තරණය කළ අමෙරිකානු ජාතිකයෙකු රඳවාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊ (18) ප්‍රකාශ කළා.
අනවසරයෙන් ඇතුලුවීම නිසා ඔහු මෙලෙස රඳවාගෙන ඇති අතර, මෙම සිද්ධිය වාර්තාවන්නේ 1980න් පසු පළමු වරට අමෙරිකානු න්‍යෂ්ටික සන්නද්ධ බැලස්ටික් මිසයිල සබ්මැරිනයක් දකුණු කොරියාවට ළඟාවූ පසුබිමකයි.
උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් සිදුකළ යුතු සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මෙම සබ්මැරින සංචාරය සිදුවූ බව අමෙරිකාව ප්‍රකාශ කර තිබුණා.