නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45,000ක වී වගාවට හානි සිදුවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
නියඟය නිසා තවත් දිස්ත්‍රික් කිහිපයක වී අස්වැන්න අවම වීමේ අවදානමක් පවතින බවද අමරවීර මහතා කීය.
මේ දිනවල පවත්නා නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45000ක් මෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව අවදානමට ලක්වීමට ඉඩකඩ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිත පිරිසක් හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ හේතු නිසා මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නට බලපෑම් සිදුවිය හැකි බවත්, දැනට රුපියල් 95ක් වශයෙන් මිල දී ගන්නා වී කිලෝවක් ඉදිරි කාලයේ රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.