පුංචි මල් කැකුළු වන් දරුවන් කෙරෙහි මව්පියන් නිරන්තර අවධානයෙන් පසු විය යුත්තේ ඇසිල්ලකින් සිදු වන අනතුරකින් විශාල ඛේදවාචකයක් සිදු විය හැකි නිසයි.
එලෙස මව්පියන්ගේ අවධානය ගිලිහුණු මොහොතක ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අවුරුද්දක් වයසැති දැරියකට දිවි අහිමි වූ පුවතක් අකුරැස්ස තලහගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අකුරැස්ස තලහගම ප්‍රදේශයේ හැදී වැඩුණු අවුරුද්දක් වයසැති පුංචි කෙහන්සා සේනාධීර මේ ඉරණමට මුහුණ පා තිබුණේ ඊයේ පස්වරුවේයි.
නිවසේ කාමරයක සිටි මේ සිඟිත්තියගේ මුවේ කුඩා අලේපන කුප්පියක මූඩියක් සිරවී ඇති බව දැක තිබුණේ 7 හැවිරිදි ඇයගේ සොයුරා විසින්.
පසුව මව්පියන් සහ මිත්තණිය සිඟිත්තියගේ මුවේ සිර වූ මූඩිය ඉවතට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබුණා.
ඒ වනවිටත් සිහිසුන්ව සිටි සිඟිත්තිය කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
දැරියගේ අවසන් කටයුතු තලහගම ප්‍රදේශයේදී ඊ පස්වරුවේ සිදුකෙරුණා.