කුරුන්දි රජ මහා විහාර භූමියේ පොන්ගල් උත්සවයක් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් වළක්වා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පැමිණ මුලතිව් කුරුන්දි විහාර භුමියේ පොංගල් පූජාවක් පැවැත්වීමට උත්සාහ කිරීමේදී එහි ගොස් සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත් වී එය පාලනය කළ අතර, මෙවැනි පූජාවක් පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා මුලතිව් පොලිසිය මුලතිව් අධිකරණයටද ගොස් තිබුණා.
එහිදී, පූජාවක් පැවැත්වීම අධිකරණයකින් නැවතිය නොහැකි බැවින්, කිසිදු ඉදිකිරීමක් නොකර පූජාව පවත්වන්නැයි විනිසුරුවරයා නියෝග කර තිබූ පසුබිමක, මෙම තත්ත්වය හට ගත්තා.