වී අලෙවි මණ්ඩලයට රජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී වී මිල දී ගැනීමට ඊයේ (11) තීරණය කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදියි.
මිල කමිටුවේ තීරණය පරිදි නාඩු සහ රතු කැකුළු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක මිලකට මිල දී ගැනීමට අපේක්ෂිතයි.
පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය විසින් රුපියල් බිලියන 13ක් වැයකර තිබෙනවා.