වසර 12ක කාලයක සිට කොළඹ, ගාල්ල, කුරුණෑගල, මහනුවර ප්‍රදේශ වෙත මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන සැකකරු ඉන්දික ගම්මන්පිල නොහොත් ඩෙලෝ පදිංචිව සිටි නිකවැව හංදියේ නිවස සහ ඉඩම ඊයේ (11) හොරොව්පොතාන පොලිසිය විසින් පරික්ෂා කර තිබෙනවා.
එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සහ බාල වයස්කාර දරුවකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
මන්නාරම් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය තොග වශයෙන් කුලී රථ යොදාගෙන ඉහත සදහන් ප්‍රදේශ වෙත බෙදාහරින ඩෙලෝ මෙම වැටලීම සිදුවීමට පෙර නිවසින් පලාගොස් තිබෙනවා.
ඒ අනුව ඔහු දැනට කුලී පදනම මත මිල දී ගෙන ඇති දංකොටුව ප්‍රදේශයේ නිවසක් වෙත ද පොලිසියේ අවධානය යොමු වි ඇති බව වාර්තා වෙනවා.
මේ අතර යුද සමයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස වෙස් වලාගෙන පකිස්ථාන් තානාපතිවරයාගේ නිල රථය පැහැර ගත් ඩෙලෝ, අමානා තකාෆුල් බැංකුව ද කොල්ලකෑ මහ මොළකරු බවට මේ වන විට කරුණු හෙලිවි තිබෙනවා.
IP ගම්මන්පිල ලෙසින් පොලිස් නිල ඇඳුමෙන් සැරසී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මෙම පුද්ගලයා පසුගිය කාලයේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණ පානදුර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ පාතාල ගැටුමේ සාමාජිකයෙක් බව ද හඳුනාගෙන.