කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ආයෝජන විධිමත් කිරීම සහ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසිවලට අනුව එහි ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතයි.
එමෙන්ම ව්‍යාපෘතිය තුළ රුපියල්වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතිනවා.
මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ අලෙවි කිරීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේ නම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු බවයි එහි දැක්වෙන්නේ.
එසේම ඇමරිකානු ඩොලර් මිලියන 2 ක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමෙන් පසු වසර 20 ක කාලයක් සඳහා අදාළ බලපත්‍රය නිකුත් කරන බවද එහි සඳහන්.