ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ එරට රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්වී තිබෙනවා.
අදාළ සමුළුව පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය ඇතුලු රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි මෙම සමුළුව පවත්වා ඇත්තේ.