පේරාදෙණිය, මීවතුර ජල පොම්පාගාරය අසල මහවැලි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත්, වයස අවුරුදු 30ත් 40ත් අතර වන, අඩි 05 අගල් 06 ක් පමණ වූ මෙම මෘත ශරීරය සතුන් විසින් කා දැමීමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි.
එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර, මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශණ ක්‍රියාත්මක කරනු ලබයි.