මිථ්‍යාව තුළින් තම ගැටලු විසඳා ගැනීමට උත්සාහ කළ බොහෝ පුද්ගලයින්ට ඛේදනීය ඉරණමක් අත්වූ සිදුවීම් රැසක් පසුගිය සමයේ වාර්තා වුණා.
දරුඵල අපේක්ෂාවෙන් ශාන්තිකර්මයක් සිදුකරගැනීමට ගිය 22 හැවිරිදි තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ මේ පුවත වාර්තා වුණේ දියබෙදුම, ජඹුරේවෙල ප්‍රදේශයෙන්.
පොළොන්නරුව, ජඹුරේවෙල, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි දිල්මි සඳුනිකා දරුවෙකු අපේක්ෂාවෙන් සිට ඇත්තේ වසර 4ක කාලයක සිටයි.
නිරන්තරයෙන් ලබාගත් වෛද්‍ය උපදෙස් මෙන්ම විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද දිල්මිගේ අවධානය යොමු වුණේ ශාන්තිකර්මයක් කරගැනීම වෙතයි.
ශාන්තිකර්ම මගින් ලෙඩ සුවපත් කිරීම සහ දරුඵල ලබාදෙන බවට පැවසෙන ගිරිතලේ, යාය 01 ප්‍රදේශයේ ඥාති කාන්තාවක් දිල්මිට හමුවන්නේ මේ අතරවාරයේයි.
ඒ අනුව දිල්මි සිය මව සමඟ පැමිණ ඇයගෙන් ශාන්තිකර්මය සිදුකරගැනීමට දින නියම කරගෙන තිබෙනවා.
නමුත් එහිදී ඇයට උපදෙස් ලබා දී ඇත්තේ දින කිහිපයක් එහි නේවාසිකව ප්‍රතිකාර ගන්නා ලෙසටයි.
2D ප්‍රතිකාර අරඹා පළමු දිනයේ සිටම විවිධ කායික අපහසුතා දිල්මිට මතු ව තිබූ අතර තුන්වන දිනයේදී ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබුණා.
ඒ අනුව පොළොන්නරුව ජයන්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වනවිටත් ඇය මෙලොවින් සමුගෙන තිබුණා.
ඇයගේ දේහය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතයි.