ඇතැම් ලංගම බස් කොන්දොස්තරවරු විසින් මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ ඇතැම් අවස්ථාවලදී ව්‍යාජ ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවට මගීන් නිතර චෝදනා නඟයි.
එවැනි සිදුවීමක් පසුගිය ඉරිදා දින වාර්තා වුයේ, බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ධාවනය වූ මධ්‍යම ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ය.
ඇල්පිටිය ඩිපෝවට අයත් NC -1569 දරන එම බස්රථය බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තුව රු 130ක් වුවත් පාසල් දරුවෙකුගෙන් රු 150ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
පසුව එම දරුවා කොන්දොස්තර මහතාගෙන් ඒ පිළිබඳ විමසූවිට ප්‍රවේශපත්‍රයක රු 130 යන මුදල සඳහන් කර ඔහු වෙත ලබාදී ඇත.
එසේ වුවත් කොන්දොස්තර මහතා විසින් නිකුත් කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නොවන ප්‍රවේශපත්‍රයක් වීම තවත් ගැටලුකාරී කරුණකි.
එලෙස නිකුත් කළ ප්‍රවේශපත්‍රය පහතින් දැක්වේ.